hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 31, පෙ.ව. 11:55



යාපනය අරියාලෙයි නාවලඩි ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සහ ගත් පුද්ගලයෙකු ඊයේ (30) සවස දුම්රියේ ගැටීම හේතුවෙන් මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ වායුසමනය කල දුම්රියට අරියාලෙයි නැගෙනහිර නාවලඩි ප්‍රදේශයේ පිහිටි අදාල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කිරීමට ගත් උත්සහයකදී මෙම පුද්ගලයා ගැටී ඇති බවට සැකපලකරන අතරම දුම්රියේ ගැටීමෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් සිටි බවටද පොලීසිය පැවසුවා.

දුම්රියේ ගැටීමෙන් මිය ගොස් සිටියේ නාවලඩි ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි එම්.අරවින්දන් නැමත්තෙක්.

අනතුර සිදුවූ ස්ථානයේ මීට පෙර අවස්ථා කිහිපයකදීම දුම්රියේ ගැටීම හේතුවෙන් පුද්ගල මරණ රැසක් මෙන්ම සතුන්ද රැසක් ගැටීමෙන් මරණයට පත්වී ඇති බවටත් අවස්ථා කිහිපයකීදම අදාල ස්ථානයට ආරක්ෂිත දුම්රිය ගේට්ටුවක් යොදන ලෙසට දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඒ සඳහා කිසිදු පියවරක් නොගත් බවට ප්‍රදේශවාසීන් චෝදනා කොට සිටිනවා.

අනතුර සිදුවීමෙන් පසුව එම ස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන් රැස්වී දුම්රියට ධාවනය කිරීමට ඉඩ නොදී සහ මළසිරුරද ඉවත් කිරීමටද නොදී විරෝධතාවයක නිරත වූවේ අදාල ස්ථානයට දුම්රිය හරස් මාර්ගයක් යොදන බවට සහතික වන ලෙසට ඉල්ලමින්.

පසුව එම ස්ථානයට පැමිණි යාපනය පොලීසිය සහ යුද හමුදාව විසින් ගම්වාසීන් සමග සාකච්ඡා කොට අදාල ගැටලුව සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන් සමග සාකච්ඡා කොට කඩිනම් විසඳුමක් ලබාදෙන බවට සහතික වීමෙන් අනතුරුව මළ සිරුර ඉවත්කර ගත් අතර දුම්රියද පැය කිහිපයක ප්‍රමාදයකින් අනතුරුව නැවත කොළඹ බලා ධාවනය කෙරුණු බවයි වාර්තා වන්නේ.

මළසිරුර යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.