2023 ජනවාරි 27, ප.ව. 1:06
උපයන විට ගෙවීම බදු සංශෝධන පනතට එරෙහිව ලබන 30 වනදා වරාය වෘත්තීය සමිති සියල්ල ආණ්ඩුවට අනතුරු අඟවන අවසන් ඒකාබද්ධ උද්ඝෝෂණය පවත්වන බව ත් ඊට ඇහුම්කන් නොදුනහොත් දැවැන්ත වැඩ වර්ජන ඇතුළු ක්‍රියාමාර්ගවලට යෑමට තීන්දු කළ බව ත් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු නිරෝෂණ ගොරකාන මහතා පැවසුවා.
මෙම ඒකාබද්ධ උද්ඝෝෂණය 30 වන දා කොටුව ඛාන් ඔරොලෝසු කණුව ඉදිරිපිට ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළා.
මේ වන විටත් මෙම බදු සංශෝධන පනත සම්බන්ධ කිසිදු සාකච්ඡාවකට හෝ ආණ්ඩුව වෘත්තීය සමිතිවලට ආරාධනාවක් කර නොමැති බව හෙතෙම පැවසුවා.
මේ වන විට වරාය සියලු වෘත්තීය සමිති මෙම ඒකාබද්ධ උද්ඝෝෂණයට සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එකඟව සිටින බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතුළු අනෙක් වෘත්තීය සමිති ද මීට එක්කර ගැනීමට සූදානම් බවත් හෙතෙම සඳහන් කර සිටියා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11