hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 22, පෙ.ව. 6:13



මෙරට රැකියා වියුක්ති අනුපාතිකය ඉකුත් වර්ෂයේ දි (2021)  සියයට 5.1 දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දේපාර්තමේන්තුව පවසයි.2020 වර්ෂයේ දි මෙරට රැකියා වියුක්තිය 5.5%ක් පැවති අතර 2021 වර්ෂයේදී  එය 0.4කින් අඩුවි තිබෙනවා.

2021 වර්ෂයේදී පිරිමි පුද්ගලයින්ගේ රැකියා වියුක්ති අනුපාතිකය 3.7ක් වන අතර  කාන්තා රැකියා වියුක්ති අනුපාතය 7.9ක්.

2021 වර්ෂයේ මෙරට මුඵ ශ්‍රම බලකාය 8,553,290ක් වු අතර සේවා වියුක්තිකයින් සංඛ්‍යාව 439,783ක්.

2020 වර්ෂයට සාපෙක්ෂව 2021 වර්ෂයේ දි විදේශත වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩිවිමත් සමඟ රැකියා වියුක්ත අනුපාතය අඩු වී තිබෙනවා.

ඉකුත් වර්ෂයේ දී (2021)  පුද්ගලයින්  121,795 දෙනෙකු විදේශගත වි තිබෙනවා.