hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජනවාරි 08, පෙ.ව. 6:15



හය වන ඌව පළාත් සභාවේ නිල කාලය අවසන්විමෙන් පසු පළාත් සභාවේ සභාපති ධූරය නාමික තනතුරක් බවට පත්ව තිබියදී සභාපතිවරයාට මාසික ප්‍රවාහන දිමනාවක් ලෙස  රුපියල් මිලියන 16.3ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

එමෙන්ම සභාපතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරින් 11දෙනෙකු වෙනුවෙන් පළාත් සභාවට කිසිදු සේවයක් ලබා ගැනිමෙන් තොරව වැටුප් හා දීමනා වශයෙන් රුපියල් මිලියන 18.20ක මුදලක් ගෙවා තිබුණා.

අවම වශයෙන් ඔවුන්ගේ පැමිණිම පිටවිම සටහන් කිරිම සදහා ලේඛණයක් හෝ නඩත්තු කර නොතිබුණා. 

2019 වර්ෂයේ  ඔක්තෝබර් මස 08 වැනි දින සිට මෙම ගෙවිම සිදුකොට ඇති අතර පළාත් සභාව සතුව වාහන තිබියදි  සභාපතිවරයාට සුදුසු වාහනයක් ලබාදි වියදම අවම කිරිම වෙනුවට මාසික ප්‍රවාහන දිමනාවක් ගෙවීමට කටයුතු කර ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

කෙසේවුවද සභාපතිවරයා එකි කාලය තුල පළාත් සභාව වෙත පැමිණිම හෝ ඔහු විසින් සිදුකරනු ලැබු රාජකාරි කටයුත්තක්ද නිරික්ෂණය නොවු බව විගණන වාර්තාවේ සදහන් වෙනවා.