hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 12, පෙ.ව. 11:59



අරගලය තුල විවිධ දේශපාලන පක්ෂ රිංගා අරගලය දියාරු කළ බවත් ශ්‍රී ලංකාව රුසියාවක් හෝ එංගලන්තයක් කිරීමේ හැකියාවක් නොමැති බවත් උවිඳු විජේවීර මහතා පවසනවා.

තමන් රෝහණ විජේවීරගේ පුතා ලෙසින් ජනතා විමුක්ති පෙරමුණේ තනතුරු භාර ගෙන නොමැති බවත් තමන් පක්ෂයකට ගැති අයෙක් නොවන බවද ඔහු එහිදී අවධාරණය කර සිටියා.

කෑගල්ලේදි දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“අපි දෙවන පරපුර හැටියට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. අපට මේ රට රුසියාවක් හෝ එංගලන්තයක් කරන්න බෑ. අපි මධ්‍යස්තව කටයුතු කරනවා. මම රෝහණ විජේවීරගේ පුතා ලෙසින් ජනතා විමුක්ති පෙරමුණේ තනතුරු අරගෙන නෑ. මම කොයි පක්ෂයකට හෝ කෙනෙකුට ගැති නෑ. ලංකාවේ බිහි වෙන්න ඕනේ අලුත් දේශපාලන ආමන්ත්‍රනයක්. ඒ සඳහා ලංකාව ප්‍රාර්ථනා කල අවශ්‍ය දේශපාලන පක්ෂයක් ලෙසයි බිහිවෙන්නේ. පැහැදිලිවම පවතින දේශපාලන පක්ෂ වසර 74 පාලනය කළා. කරන අරගල වලට අපි මැදිහත් වෙනවා හැබැයි සමහර පක්ෂ අරගලේ අයිති කරගන්න ගිහින් දිය කරලා හැරියා. මම මගේ පියා රෝහණ විජේවීර සමග දේශපාලනය කල අයට වත්මන් තරුණ පරපුරට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපි ප්‍රජාත්‍රන්ත්‍ර්වාදී පක්ෂයක් ලෙසින් එන ඕනෑම මැතිවරණයකට.මුහුණ දෙන්න සූදානම්.  පසුගිය කාලයේ 2/3 බලයකින් පත්වුන රජයක් ජනතාව විසින් අයින් කලා අපි වත්මන් පාලකයන්ට යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. යහපත් ප්‍රතිචාරයක් නෑ. ජනතා විමුක්ති පෙරමුණ නමින් දේශපාලනයක් කෙරෙන්නේ නෑ.”

එම වීඩියෝව පහතින්,

https://youtu.be/DwMlp2j0jSA