hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 18, ප.ව. 12:28



නාරහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සුඛෝපභෝගී ජීප් රථයක් තමන් විසින් සොරකම් නොකළ බව කොළඹ නාගරික මන්ත්‍රීනී ප්‍රියංකා ජයසේකර මහත්මිය පවසයි.

ඇය සඳහන් කරන්නේ ආනන්ද හිමියන්ගේ යෝජනාවක් මත සිදුකරන ලද ව්‍යාපාරයක් පාඩු ලැබීමෙන් පසු එම පාඩුව පියවා ගැනීමට එම ජීප් රථය විකුණා මුදල් ලබා ගන්නා ලෙස උන්වහන්සේ විසින්ම තමන්ට එය ලබාදුන් බවයි.

එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය අමතමින් ඇය කියා සිටියේ ආනන්ද හිමියන් විසින් තමන් ඇමතූ හඬ පට තමන් සතුව ඇති බවයි.

ඇය වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියා,

‘මුරුත්තෙට්ටුවේ හාමුරුවන්ට අයිති වාහනයක් මම අරගෙන නෑ… මම හොරෙන් අරගෙනත් නෑ. 2017 ඇති වුණ සිදුවීමක් තමා ඔය තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එක්තරා ව්‍යාපාරයක් සඳහා මුදල් යොදවන්න කියලා යෝජනා කළා. ඒ යෝජනාවට මම කැමති වෙලා, ඒකට මම මුදල් යෙදෙව්වා. නමුත් ඒ මුදල් යොදවපු ව්‍යාපාරය සාර්ථක වුණේ නැහැ. මම ඒ මුදල් ඉල්ලලා කරදර කරාම. ස්වාමීන් වහන්සේ මට ඔය වාහනය අරගෙන විකුණලා මුදල් ටික ලබාගන්න කියලා තමයි ස්වාමින් වහන්සේ මට කිව්වේ. ස්වාමීන් වහන්සේ ඒ දීපු ලේඛන හා කතා කරපු සියලුම තොරතුරු මගේ ළඟ තියෙනවා. මේකේ ලේඛන ස්වාමින් වහන්සේ ළඟ තිබුණෙත් නෑ ඇත්තටම.

වාහන මෙරටට ගෙනල්ලා විකුණන ආයතනයක තමා ලේඛන තිබුණේ. V8 රථයේ කිසිම තැනක මුරුත්තෙට්ටුවේ හාමුරුවන්ගේ නම නම් තිබුණේ නෑ. ඒ වාහනය මට දීපු දවසේ ඉඳලා මගේ බෙන්ස් රථයයි ජිප් රථයයි ස්වාමින් වහන්සේට පදින්න දුන්නා. මෑතක් වෙනකල් ස්වාමින් වහන්සේ පාවිච්චි කළා. ඒ වාහනේ යම් දෝෂයක් පැන නැගුණා මම වාහනය ගෙනල්ලා ගැරෑජ් එකට දැම්මා. සමහරවිට ස්වාමීන් වහන්සේට ඒ කේන්තියත් ඇති. මම කෙරේ ස්වාමීන් වහන්සේ ඉල්ලන ඉල්ලන පාරට සල්ලි දුන්න එක විතරයි. බෞද්ධයෙක් විදියට මම අනුකම්පා කරනවා ස්වාමීන් වහන්සේට.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: