2022 නොවැම්‍බර් 16, ප.ව. 1:58
වව්නියාව පූන්තොට්ටම් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ පුනරුත්තාපනය වෙමින් සිටියදී ඊයේ (15) සවස පැන ගිය රැඳවියන් ඇල්ලීම සඳහා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇතැයි වව්නියාව පොලීසිය පැවසුවා.
වව්නියාව පොලීසිය සහ යුද හමුදාව ඒකාබද්ධව මෙම සෝදිසි මෙහෙයුම ඊයේ සවස සිටම ආරම්භ කොට ඇතැත් මේ දක්වා පලාගිය සැකකරුවන් සොයා ගැනීමට හැකිව නොමැත.
උතුරු පලාතේ විවිධ වූ මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වූවන් අධිකරණ නියෝගයන් මත පූන්තෝට්ටම් පුනරුත්තාපන මධ්‍යස්ථානයේදී යුදහමුදා අධීක්ෂණයන් පරිදි එම පිරිස් පුනරුත්තාපනය කරනු ලබයි.
කෙසේ වෙතත් ඊයේ (15) සවස් කාලයේදී පුනරුත්තාපනය වූවන්ට ක්‍රීඩා පුහුණුවීම් සඳහා ලබාදෙන කාලය අතරතුර සැකකරුවන් 05 දෙනෙකු පැනගොස් තිබුණා.
පලායන ලද සැකකරුවන් අවුරුදු 22ත් 3 ත් අතර වයස්හි මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වූ තරුණ සැකකරුවන් වන අතර ඔවුන්ගේ පදිංචියද උතරු පලාතේම වන බැවින් ඉදිරි දිනයන්හි ඔවුන් සොයා අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවට වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
වන්නි – රොමේෂ් මධුෂංඛ
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11