hit counter

2026 ඔක්‍තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 30, ප.ව. 3:44



වාහන ආනයනය තහනම් කර තිබියදී නීති විරෝධී ආකාරයෙන් වාහන ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරම් ගැන අනාවරණය වී තිබෙනවා.

එම ජාවාරම වාහන ආනයනකරුවන් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකු මෙහෙයවා ඇති බවටයි, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමක් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා වී ඇත්තේ.

එලෙස වාහන 5000ක් පමණ මෙරටට නීති විරෝධීව ගෙන්වා ලියාපදිංචි කර ඇති බවත් ඉන් වාහන දෙසීයක් සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට හෙළි කරගෙන ඇත.

ඒ, අනුව සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 6ක් පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති බවත් එම කොමිසම වැඩිදුරටත් පෙන්වා දෙනවා.