hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 02, පෙ.ව. 12:09



මධ්‍යම පළාතේ ප්‍රභල දේශපාලකයෙකුගේ සහයෙන් නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කල සුඛෝපභෝගී  ජීප් රථයක් රුපියල් කෝටියක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී ඊයේ (01) සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව තිබෙනවා.

ප්‍රභල දේශපාලකයකු විසින් මෙරටට ගෙන්වා එකලස් කොට රහසිගතව ලියාපදිංචි කල ජීප් රථයක්  කොළඹ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක සගවා ඇති බවට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත උපාය දූතයන් යොදා අත්අඩංගුවට ගැනීම සිදුකල බව සදහන් වෙනවා.

වාහනය මධ්‍යම පළාතේ ප්‍රසිද්ධ වාහන ප්‍රදර්ශනාගාරයක හිමිකරුවෙක්ගේ නමින් ලියාපදිංචිකර විශේෂඥ වෛද්‍යවරයෙක් සහ ප්‍රසිද්ධ  නීතිඥ වරියකගේ  සහායෙන් වාහන ආනයනයකර බෙදාහරින ප්‍රසිද්ධ වාහන ව්‍යාපාර ආයතනයක කළමනාකරුවෙකුගේ මාර්ගයෙන් විකිණීමට සූදානම් කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

වාහනය මෙරටට ගෙන්වන ලද මධ්‍යම පළාතේ ප්‍රසිද්ධ දේශපාලකයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා බොරැල්ල පොලිසිය වෙත භාරදී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: