hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 15, පෙ.ව. 12:21



මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 679ක් කිසිදු තොරතුරක් නැතිව අතුරුදන් වී ඇති බව ජාතික විගණන කාර්යාලය සිදුකළ විශේෂ විගණන පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන කළමනාකරණය පිළිබඳව පසුගිය 2019 වසරේදී සිදුකළ විගණන පරීක්ෂණයක් මගින් ප්‍රථමයෙන්ම වාහන 679ක් අස්ථානගතවීම ගැන අනාවරණය කරගෙන ඇති බව සදහන් කරයි.

එම වාහන 240ක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විගණනයට දන්වා ඇතත් තහවුරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු විගණනයට ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවද විගණන කාර්යාලය සඳහන් කරයි.

තවත් වාහන 439ක් ගැන වසර හතරක් තිස්සේ කිසිම තොරතුරක් සොයා ගැනීමට නොහැකිව ඇති බවද විගණන කාර්යාලය සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: