hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:02



වාහන විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පමණක් සීමා කර තිබෙන බැවින් එම සමාගම් දෙක කෙරෙහි විශාල වශයෙන් මහජන පැමිණිලි ලැබී තිබෙන බවද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

එනිසා විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙන බවද පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍ය නලීන් ප්‍රනාන්දු තවදුරටත් සදහන් කළේ,

“වාහන විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම සහ එම සහතික ලබා ගැනීමට අනිවාර්ය කර ඇති අතර ඒ සඳහා සහතික නිකුත් කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පමණක් සීමා කර තියෙනවා. 2008 වර්ෂයේ සිට ආරම්භ කර 2013 වර්ෂය වන විට වායු විමෝචන මධ්‍යස්ථාන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙමගින් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමටත් වෙනස් වූ සමාගම්වලට ද එම අවස්ථාව ලබා දීම සුදුසු බවටත් ලංකා ගමනාගමන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනවලට ද වායු විමෝචන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සුදුසු බවත් යෝජනා කරමින් යෝජනා කරමින් මා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙනවා.

අපි මේකෙදි විශේෂයෙන් බලන්න ඕනෙ දුම් පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන ඒ ආයතන දෙක කෙරෙහි විශාල වශයෙන් මහජන පැමිණිලි තියෙනවා. ඒ සම්බන්ධව ඇත්තටම රජය බලාපොරොත්තු වෙන්නෙ මේ රටේ පරිසරය ආරක්ෂා කරන්නත් රජයට ආදායමක් ලබා ගන්නත්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: