hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 22, ප.ව. 3:24



අපවත් වී වදාළ අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමිගේ ආදාහන පූජෝත්සවය අද (22) පස්වරුවේ සිදු කෙරුණා.

ඒ අනුරාධපුර මහා විහාර ආදාහන මළුවේදීයි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ පසුගිය 19 වනදා අපවත් වූ අතර ඒ වනවිට උන්වහන්සේ 69 වන වියෙහි පසු වුණා.

පසුගිය බදාදා රාත්‍රියේ උන්වහන්සේගේ දේහය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසල පිහිටි සන්නිපාත ශාලාවේදී තැන්පත් කෙරුණා.

අද දක්වා එම ශාලාවේ තැන්පත් කර තිබූ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් ද එක් වූ  බව වාර්තා වෙනවා.