hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 12, පෙ.ව. 2:45



ඉදිරියේ දී ගෑස් සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ පවතින බව ලිට්රෝ සමාගමේ හිටපු සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.

පාරිභෝගික අවශ්‍යතා සපුරාලිය නොහැකි ව තවදුරටත් එම තනතුරේ රැඳී සිටීමෙන් ඵලක් නොමැති බවට එම තනතුරෙන් ඉල්ලා අස්වෙමින් හිටපු සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

පෙරේදා (10) පස්වරුවේ විජිත හේරත් මහතා ලිට්රෝ සමාගමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වුණා.

නමුත් එම තනතුරට කිසිවෙකුත් පත්කර නැහැ.

රටතුල පවතින ආර්ථික අර්බුදය සම්භන්ධයෙන් ඔහු දැඩි කණස්සල්ලෙන් පසු වන අතර ඔහුගේ අදහස වන්නේ කෙසේ හෝ හැකි ඉක්මනින් මෙම ආර්ථික අර්බුදය විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස විජිත හේරත් මහතා පසුගිය අප්‍රේල් 21 වන ද පත් කර තිබුණා.

අප්‍රේල් 14 වන දා ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරව ඔහු එම ධූරයට පත් කළා.

ඒ මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලබනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: