hit counter

2024 ජූලි මස 07 වන ඉරිදා

2024 ජූනි 23, පෙ.ව. 12:07



පක්ෂීන්ට ප්‍රධාන වශයෙන් බලපාන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හේතුවෙන් කුරුළු උණ බෝවන අතර එම වෛරසය අනෙක් සතුන්ට මෙන්ම මිනිසුන්ටද ආසාදනය වන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

එනිසා ඉන්දියාවේ කුරුළු උණ රෝගීන් වාර්තා වීම ආරම්භ වී ඇති නිසා ශ්‍රී ලංකාවට කුරුළු උණ පිළිබඳව අවධානෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

මෙතෙක් කුරුළු උණ මිනිසුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන බවට කිසිඳු සාක්ෂියක් හමුවී නොමැති අතර මෙතෙක් වාර්තා වූ සියලුම කුරුළු උණ රෝගීන් සතුන් හේතුවෙන් එම රෝගය ආසාදනය වී ඇත.

කුරුළු උණ රෝගය පිළිබඳ නිරීක්ෂණ කටයුතු කරන රෝහල්වලට සැකසහිත කුරුළු උණ රෝගීන් හඳුනාගැනීමට හැකියාව තිබෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සදහන් කරයි.

මෙම රෝගය ආසාදනය වීමෙන් වැලැකීමට සතුන් සමඟ ගැවසෙන පුද්ගලයන් නිතරම දෑත් සබන් යොදා සෝදන ලෙසත් ආරක්ෂක උපකරණ පළඳින ලෙසද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සදහන් කරයි.

මිනිසුන්ට කුරුළු උණ රෝගය ආසාදනය වීම දුර්ලභ වුවත් සතුන් සමඟ සිටින පුද්ගලයන්ට එම රෝගය ආසාදනය විමේ අවදානමක් තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: