hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 19, ප.ව. 7:12



යාපනය නල්ලූර් කෝවිල ආසන්නයේ ආපන ශාලාවකට ගිය පුද්ගලයෙකුට උදෑසන් ආහාරය සඳහා දුන් වඩයක් තුල කැරපොත්තෙකු සිටීමෙන් ආපනශාලා හිමියාට රුපියල් 80,000 ක දඩමුදලක් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කොට තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 04 වනදා අදාල ආපන ශාලාවේදී උදෑසන ආහාරය ගැනීමට ගිය පුද්ගලයෙකුට ලැබුනු කෑම පිඟානේ තිබූ වඩයක කැරපොත්තෙකු සිටීමෙන් ඒ පිළිබඳ එම පුද්ගලයා විසින් ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට දැනුම් දුන්නා.

අනතුරුව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් පැමිණ වඩය ආපනශාලාව පරික්ෂා කිරීමෙන් පසුව ආපන ශාලාවේ පිරිසිදුකමද නොමැති වීම හේතුවෙන් ඒ ආපනශාලා හිමියාට එරෙහිව ජනවාරී 06 වනදා නඩුවක් ගොනු කොට ආපනශාලාවටද එදින සීල් තබා තිබෙනවා.

කෙසේ වෙතත් 17 වනදා අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී ආපනශාලා හිමියා විසින් වඩයේ කැරපොත්තෙකු සිටි බවටත් සෞක්‍ය ආරක්ෂිත පියවර අනුගමන නොකල බවටත් පිළිගැනීම හේතුවෙන් යාපනය අධිකරණය මගින් දඩ නියම කර තිබෙනවා.

මේ අනුව යාපනය මහෙස්ත්‍රාත් පී.ජස්ටින් මහතා එහිදී නියෝග කොට සිටියේ ආපනශාලාවට රුපියල් 60,000 ක මුදලක් සහ මුලුතැන්ගෙට රුපියල් 20,000 ක දඩයක් නියම කරන බවයි.

එමෙන්ම නියමිත් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ආපනශාලාව විවෘත්ත කිරීමටද යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කළා.