hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 20, පෙ.ව. 7:39



මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා සහ ඔහුගේ පුතා එක්ව නකල්ස් රක්ෂිතයේ ලෝක උරුමයට යටත් වන ප්‍රදේශය තුල පරිසර සංවේදී කලාපයක් වන මාතලේ රක්කිඳ ප්‍රදේශයේ හෝටලයක් හදන බවට චෝදනා එල්ල වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේදී පරිසර අමාත්‍යවරයාට ඔහු මෙම පැනය යොමු කළා.

‘මධ්‍යම පරිසර අධිකාරිය පිළිබඳව දැවැන්ත චෝදනාවක් මාධ්‍ය තුල නිර්මාණය වෙලා තිබෙනවා. ඒ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා සහ ඔහුගේ පුතා එක්ව නකල්ස් රක්ෂිතයේ ලෝක උරුමයට යටත් වන ප්‍රදේශය තුල පරිසර සංවේදී කලාපයක් වන මාතලේ රක්කිඳ ප්‍රදේශයේ හෝටලයක් හදන බවට. ඒ වගේම මොරගහකන්ද ජලාශයට ප්‍රධාන වශයෙන්ම ජලය සැපයෙන තෙල්ගමුව ඔයේ අතු ඇලක් වන කටුකොල්ලලන්ද කටුකිතුල ඇල ආශ්‍රිතව හෝටලයක් ඉදිකරන බවට මාධ්‍ය තුල දැවැන්ත ප්‍රචාරයක් යනවා.

මේ පිළිබඳව අපි සොයා බැලුවා.අපි දන්නේ නෑ මේක ඇත්ත වශයෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා හෝ ඔහුගේ ලඟම ඥාතියෙකුට අයත් දේපළක්ද ගොඩනැගිල්ලක්ද කියලා. නමුත් මේ මධ්‍යම කඳුකරයේ මේ සංවේදී කලාපය තුල මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා මේ විදියේ දෙයක් කරනවනම් ඒක දැවැන්ත විනාශයක්. ඒ නිසා මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවලා තියෙන්නේ මෙබඳු කාර්යයන්ටද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා.

ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමාගේ මේ ගොඩනැගිල්ලද කියන එක පිළිබඳවත් මෙහි අයිතිය පිළිබඳව සමහර වෙලාවට ඒ විදුලි බිල්පත්‍ර පරීක්ෂා කරොත් එහි අයිතිය අපිට දැනගන්න පුළුවන්. කරුණාකරලා මේ වගේ පිස්සු නටන්න දෙන්න එපා නිලධාරීන්ට. ඔබතුමා සොයා බලන්න මේ කාරණාව කියලා මම ඉල්ලීමක් කරනවා’