hit counter

2026 ජනවාරි මස 07 වන බදාදා

2022 ජූලි 03, පෙ.ව. 4:41



ඉදිරියේ දී ජල සැපයුම ද අඩාල විය හැකි තත්ත්වයක් උද්ගත වීමට ඉඩ ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය පවසනවා.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සේවකයින්ට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

ඒ අනුව ජල පිරිපහදු ක්‍රියාත්මක කරවීමට බාධා පැමිණ ඇති අතර ජල සැපයුම අඩාල වීමේ අවධානමක් ද මතු වී ඇතැයි එම සංගමය අනතුරු අඟවනවා.