hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මාර්තු 04, පෙ.ව. 9:33



මහවැලි ව්‍යාපාරයේ අවසාන මහා ජලාශ දෙක වන මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවලට තම ගම්බිම් සියල්ල කැප කළ නැවත පදිංචි කළ ලග්ගල ගම්මාන හතක ජනතාවට පොදු පහසුකම් පානීය ජලය අත්‍යවශ්‍ය පහසුකම් නොමැතිවීම හේතුවෙන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ඔවුහු පවසනවා.

ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහා ඝන වනාන්තරයක් හෙළි පෙහෙළි කොට මොරගහකන්ද සහ කළුගඟ ජලාශවලට ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසුව අවතැන් ජනතාව කොටස් වශයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පදිංචි කොට දැනට වසරේ අටකට අධික කාලයක් ගෙවී ගොස් ඇතැයි ඔවුහු පවසනවා.

මෙතෙක් එම ජනතාවට පානීය ජලය ලබා නොදෙන බව ද මේ දිනවලින් සතියකට එක් අවස්ථාවක් බවුසර් රථයකින් ජලය ලබා දෙනතුරු සියලු අවශ්‍ය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වී මෙම අවතැන් ජනතාව තවදුරටත් අවතැන් වී ඇතැයි ඔවුහු පෙන්වා දෙනවා.

රටේ සංවර්ධනය උදෙසා සමුද්‍ර වැනි ජලාශ ඉදිකිරීම සඳහා තම දේපළ සියල්ල දන් දී අවසානයේදී මහවැලි අධිකාරියෙන් වතුර ගෙනත් දෙනතුරු පිපාසයෙන් මෙන්ම අනෙකුත් සෑම ජල අවශ්‍යතාවයක්ම අඩුම තරමේ වැසිකිළියකට ගොස් පස්සා  පැත්ත සෝදා ගැනීමටවත් නොහැකිව ලතැවෙන බව මොරගහකන්දය සහ කළුගඟ ජලාශවලට ඉඩම් ලබා දුන් ලග්ගල ප්‍රදේශයේ නැවත පදිංචි වූ ජනතාව හඬ නගා කියයි.

ජනතාව වැඩිදුරටත් කියා සිටින්නේ තම දුවා දරුවන්ට පාසල් ගමන් කිරීමට කිලෝමීටර් ගණනාවක් පයින් යා යුතුව තිබෙන බවයි.

රෝහලක් පාසලක් රජයේ කාර්යාලයක් ආදී කිසිදු පහසුකමක් නොමැතිව ඉඩම් පෙන්වා දුන්නද තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇත්තේ අඩුම තරමේ තරුණ තරුණියන්ට විවාහ මංගල්‍යයක් හෝ ආවා විවාහ පවා ගම්මානයේ සිදු නොවන තැනට පත්ව තිබෙන බවය .

ඊට ප්‍රධානතම හේතුව ගම්මානවල පවතින උග්‍ර ජල හිඟය සහ පොදු පහසුකම් නොමැතිවීම ලබාදෙන ජලයද අපිරිසිදු බව මෙම ජනතාව පෙන්වා දෙනවා.

 මහවැලිය නැවත පදිංචි කළ ප්‍රදේශවල ජනතාව පත්ව ඇති ඉරණම පිළිබඳව යුධ හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් වරයකු   වන රත්නප්‍රිය බන්දු මහතා එහි පවතින තත්ත්වය පිළිබඳව පෙන්වාදීමට පියවර ගත්තා.

තමන් ද මාතලේ දිස්ත්‍රික්කයේ උපත ලද අයෙකු බවත් ලග්ගල මොරගහකන්ද නාඋල යන ප්‍රදේශවල  බහුතරයක් තම ඥාතීන් මොරගහකන්ද වෙනුවෙන් ජීවිත කැප කොට මෙම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ පා සිටින නිසා තමන් මේ පිළිබඳව ජනමාධ්‍ය හරහා හෝ බලධාරීන්ගේ අවධානය යොමු කරවීමට අවැසි බව පෙන්වා දුන්නා.

මොරගහකන්ද කළුගඟ ජලාශවලට යට වූ ගම්මාන වල ජනතාව අඹන් ගඟ හීන් ගඟේ මෙන්ම දිය උල්පත් රැසකින් පෝෂණයව ජීවත් වූ පිරිසක් බවත් එම ජනතාව ඉතා ස්වයංපෝෂිතව ජීවත් වෙද්දී රටේ සංවර්ධනය සඳහා මෙම කැපකිරීම සිදුකළ බවත් මේ වනවිට ඔවුන්ට සිදුව ඇත්තේ දරුවන් සමඟ මොරගහකන්ද ජලාශයට පැන සිය දිවි තොර කර ගැනීම බව එහි ජනතාව හඬා වැටෙමින් අප සමග සඳහන් කරන්නට වූවා.

මෙන්ම ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට ද දැඩිව චෝදනා කරන මෙම ජනතාව ඉදිරි මැතිවරණ  සියල්ල වර්ජනය කිරීමට තීරණය කොට ඇතැයිද ද ඔවුහු කියති

මහවැලි අධිකාරිය මගින් මෙම ජනතාවට දින පහකට වරක් පානීය ජලය දින පහකට වරක් දිය නෑමට වැසිකිලි කැසිකිලි පහසුකම් සපයා ගැනීමට අවශ්‍ය ජලය බවුසර් රථ මගින් ගෙනත් දෙන බව මහවැලි අධිකාරියේ නිලධාරීන් අප සමග සඳහන් කරන්නට විය

ඔවුන් වැඩිදුරටද කියා සිටියේ මහවැලි අධිකාරිය ලබා දෙන නියෝග අනුව අති විශාල ප්‍රමාණයක ජනතාවකට ජලය බෙදීමේ කටයුත්ත සිදු කරද්දී ප්‍රමාදයන් සිදුවන බව එහි සේවකයන්ගෙන් විමසීමේදී අප සමඟ සඳහන් කරන්නට වුණා.