hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 20, ප.ව. 5:59



කොළඹ ප්‍රදේශ රැසකට සෙනසුරාදා (22) පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, කොළඹ 2,3,4,5,7,8,9 සහ 10 යන ප්‍රදේශවල ජල සැපයුම සෙනසුරාදා රාත්‍රී 10.00 සිට පසුදින (23) මධ්‍යහන 12.00 දක්වා අත්හිටුවනු ඇති.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, අත්‍යවශ්‍ය නඩත්තු හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.