hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 21, පෙ.ව. 11:55



හෙට (22) රාත්‍රී 10 සිට ඉරිදා (23) දහවල් 12 දක්වා මහ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව පැය 14ක කාලයක් කොළඹ 02,03,04,05,07,08,09 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවනු ඇති.