hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 22, පෙ.ව. 11:21



කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10 සිට පැය 14 ක කාලයක් සිදුකිරීමට නියමිතව තිබූ ජල කප්පාදුව අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

කොළඹ 02 සිට 10 දක්වා ප්‍රදේශවලට ජල කප්පාදුව සිදු කිරීමට නියමිතව තිබුණා.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කිරීමට නියමිතව තිබුණා.