hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 03, පෙ.ව. 4:27



ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරත් පවතින බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලඋදය කාලයේදීද වැසි ඇති විය බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75කට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවද එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබෙනවා.