hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 21, පෙ.ව. 4:42



දකුණු-මධ්‍යම බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, උතුරු අක්ෂාංශ 10.0 සහ නැගෙනහිර දේශාංශ 85.5 ආශ්‍රිතව, යාපනයේ සිට කිලෝමීටර් 600ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුලදී, තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වීමේ වැඩි හැකියාවක් පවතින බවද එහි දැක්වෙනවා.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලවිටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් ඌව පළාතේ ස්ථාන ස්වල්පයක හවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන් වෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.