hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 පෙබරවාරි 22, පෙ.ව. 12:00



කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ නුවරඑළිය  දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටිනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බවද එහි සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: