2024 පෙබරවාරි 26, පෙ.ව. 12:00
අද දින (26) සිට නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කෙරෙන බවත් නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටිනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණු, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද එහි දැක්වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26
2026 ජනවාරි 02, පෙ.ව. 12:24
02-01-26
02-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
30-12-25
30-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
26-12-25
26-12-25
25-12-25
25-12-25
24-12-25
24-12-25
23-12-25
23-12-25
22-12-25
22-12-25