hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 අප්‍රේල් 06, පෙ.ව. 12:00



අද (06) දිනයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවද සදහන් කරයි.

උණුසුම් තත්ත්වය හේතුවෙන් මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවද ජනතාවට දැනුම්දීමක් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: