2022 දෙසැම්‍බර් 20, පෙ.ව. 4:26
ඊසානදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත් උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයෙදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ දැක්වෙනවා.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2026 අප්‍රේල් 28, ප.ව. 4:58
2026 අප්‍රේල් 28, ප.ව. 4:21
2026 අප්‍රේල් 28, ප.ව. 4:12
2026 අප්‍රේල් 28, ප.ව. 3:55
2026 අප්‍රේල් 28, ප.ව. 3:26