hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 04, ප.ව. 2:08



පෘතුවිය මේ වසරේදී සූර්යයාට වඩාත්ම ආසන්න වන දිනය අද (04) බව වාර්තා වෙනවා.

තාරකා විද්‍යාඥයින් ප්‍රකාශ කරන පරිදි එය සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර ගමනක නිරත වීම හේතුවෙන්.

“පෙරිහීලියන්” ලෙස හඳුන්වන මෙම අවස්ථාව ශ්‍රී ලංකා වේලාවෙන් අද (04) රාත්‍රී 9.30ට උදාවුවත් ඊට පෙර සහ පසු පෘථිවිය තවදුරටත් සූර්යයාට ආසන්නව පවතී.

ඒ අනූව අද දිනය වඩාත් උණුසුම්වන බැවින් සූර්යයාට නිරාවරණය වීමෙන් චර්ම රෝග ඇති විය හැකි බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළා,

“ජනවාරි 04 වනදාට යෙදිලා තියෙනවා අපේ පෘථිවිය උපරිම වශයෙන් සූර්යයාට ළං වෙන දිනය ඒ හින්දා මේ කාලයේ අපිට වැඩියෙන් සූර්යයාලෝකය ලැබෙන සතියක් ලෙසට මට දක්වන්නට පුළුවන්. මේ අවස්ථාවේදී ඒ අධික උණුසුමෙන් බේරීම සඳහා කුඩයක් පාවිච්චි කළහොත් නුවණට හුරුයි කියලායි මට තේරෙන්නේ. මොකද ඒකට හේතුව තමයි අපේ ශරීරය, සමේ චර්ම රෝග ඇතිවෙන්නට පුළුවන්. එතකොට වෙන වෙන ආබාධ ඇති වෙන්නට පුළුවන්. ඒ එක්කම හිතලා වැඩිපුර වතුර ටිකක් බොන්න ඒක ඇඟට ගුණයි.”