hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 15, පෙ.ව. 4:45



ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ දකුණු අර්ධයේ අපරභාගයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (15) දිනයේ දකුණ, සබරගමුව සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.