hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 ජනවාරි 31, පෙ.ව. 4:01



ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හෙට (01) දින දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් පවතින අතර එබැවින් දිවයිනේ වැසි තත්ත්වය වැඩි වීමේ ඉහල හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (31) සහ හෙට (01) දෙදින දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී.150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවද එහි දැක්වෙනවා.

හෙට, උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මි.මි. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එහි වැඩිදුරටත් දැක්වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.