hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2024 අප්‍රේල් 28, පෙ.ව. 12:17



මෑතකදී විවාහ දිවියට එළඹෙන පිරිස් අතර දික්කසාද ඉහළ යාමක් දක්නට ලැබෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙන්නේ 2020 වසරේ සිට මෙම තත්ත්වය වැඩි වශයෙන් පෙන්නුම්කරන බවයි.

දිසා අධිකරණ මඟින් ලබා දුන් දික්කසාද නඩු තීන්දු සලකා බැලීමේ දී මෑත කාලීනව විවාහ වන පිරිස් වසර දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ දික්කසාද වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී තිබෙනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීම් අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතීඥ ලක්ෂිකා ගනේපොල මහත්මිය මේ බව පවසා තිබුණා.

ඇය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ විශේෂයෙන් ද්වේෂ සහගත අත්හැරයාම් දික්කසාද වීම්වලට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: