hit counter

2025 සැප්‍තැම්‍බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 10:15



සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසනය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන 08.25ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධනිලධාරියෙකු ද පැමිණ සිටි අතර, වහා ගුවන් තොටුපොළෙන් නිශ්කාශනය වූ ඔහු කටුනායක ගුවන්තොටුපොළෙන් කඩිනමින් පිට වී ගොස් තිබේ.