hit counter

2024 මැයි මස 22 වන බදාදා

2023 නොවැම්‍බර් 01, පෙ.ව. 12:24



මෙම 2023 වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් එම සංඛ්‍යාව 14,401ක් බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,401ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,958ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,354ක් ඇතුළුව මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 68,114ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සදහන් කරයි.

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සහ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර දිවයින පුරා මේ වනවිට වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම ඒකකය සඳහන් කරයි.

නවතම තොරතුරුවලට අනුව බස්නාහිර පළාතෙන් 32,713ක වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 48%ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: