hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 22, පෙ.ව. 8:12



නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 520ක් පමණ ඊසාන දෙසින් 11.90N අක්ෂාංශ සහ දේශාංශ 84.20E හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය, බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතිය නොවැම්බර් මස 22දින දකුණු අන්ද්‍රා ප්‍රදේශය සහ උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වී ක්‍රමයෙන් දුර්වල වීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව නිවේදනයේ සදහන්.