hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 05, ප.ව. 6:40



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබා ගනිමින් අසභ්‍ය දර්ශන හුවමාරු කරමින් නවකවදයට සම්බන්ධ කටයුතු සිදු කළ බවට මාර්ගගත ක්‍රමය ඔස්සේ විශ්ව විද්‍යාල වෙබ් අඩවිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවට සඳහන් කරමින්, සරසවියේ විනයාරක්ෂක නිලධාරියා විසින් ඊයේ (04) දිනයේ දී පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

පේරාදෙණිය පොලිස් ස්ථානයට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර මෙම සිසුවා මාර්ගගත ක්‍රමය ඔස්සේ නිවසේ සිට අධ්‍යාපනය ලබන අතරතුර දී වට්සැප් සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබා ගනිමින් අසභ්‍ය දර්ශන හුවමාරු කරමින් තමන්ට නවකවදයට සම්බන්ධ ක්‍රියාවන් සිදුකළ බවටයි චෝදනාව සිදු කර ඇත්තේ.

එයට සම්බන්ධ හඬපට හා වීඩියෝ පට ද විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ විනය පාලක ආචාර්‍යවරයෙකුට භාර දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ.

ඒවා ද මේ වනවිට පොලිසියට ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.