hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 01, පෙ.ව. 7:10



ප්‍රීමා සමාගමේ කිලෝ 50ක පාන්පිටි මිටියක මිල රුපියල් 13,500ක් බවත් එහෙත් රජයේ ආයතනයක් වන සතොස ආයතනයේ පාන්පිටි මිටියක මිල රුපියල් 20,500ක් බවත් මේ නිසා පාන් පිටි මාෆියාව පරාජය කිරීම සදහා රජය මැදිහත්විය යුතු බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා පැවසුවා.

ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදි කමල් පෙරේරා මහතා මේ බව සදහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“පාන්පිටි මිල පහත දමා වෙළදපොළේ පවතින පාන්පිටි හිඟයට විසදුම් ලබා දීමට රජය වහා මැදිහත්විය යුතුයි. මේ වන විට බේකරි කර්මාන්තය කඩාගෙන වැටිලා. බේකරි හිමිකරුවන් බේකරි සේවකයින් බේකරි කර්මාන්තය සම බද්ධ වී ඇති අනිකුත් සියලුම කර්මාන්ත කඩාගෙන වැටිමෙන් තියෙනවා. බේකරි විශාල සංඛ්‍යාවක් වැසී ගොස් ඇති නිසා මේ වන විට දර කපන, දර සපයන විශාල පිරිසකගේ රැකියා අහිමි වෙලා තියෙනවා. කුඩා රථවලින් ගිහින් බේකරි වෙළදාම් කරපු අයගේ රැකියා අහිමිවෙලා තියෙනවා. පාන්පිටි සදහා මේ වන විට වෙළදපොළ තුල කළු කඩයක් නිර්මාණය වී තියෙනවා.”

ලලිත් චාමින්ද