hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 04, පෙ.ව. 11:36



උතුරු, නැගෙනහිර ජනතාවට සහන සැලසීමේ අරමුණින් යුතුව වසර සිය ගණනක් පැරණි නීති සහ අණ පනත් වෙනස් කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

යුද්ධය පැවති සමයේ ආරක්ෂක අංශ විසින් භාවිතා කළ ඉඩම් වලින් සීයයට 95 ක් මේ වන විටත් ජනතාවට නැවත ලබාදී ඇති බැවින් ඉතිරි සීයයට 5 ක ප්‍රමාණයත් ගැටළු නිරාකරණය කර කඩිනමින් ලබා දෙන බව ද හෙතෙම ප්‍රකාශ කළා.

උතුරු පළාත තුළ ශීඝ්‍රයෙන් පැතිර ඇති මත් ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම ආරක්ෂක අංශවලට පමණක් සිදු කළ නොහැකි බැවින් ඒ් සදහා කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති අතර උතුරේ ජනතා ප්‍රශ්න විසදීමට රජය කැපවී කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

යුද ගැටුම් හේතුවෙන් පුද්ගලයින් අතුරුදහන් වු බවට ලැබුනු පැමිණිලි සම්බන්ධව  විමර්ශන සිදු කිරීම පසුගිය වසර හතරක පමණ කාලය තුළ නිසි පරිදි සිදුව නොමැති බැවින් අතුරුදහන් වුවන් පිළිබදව වු කාර්යාලය සදහා නව නිලධාරීන් පත් කරමින් එහි කටයුතු කාර්යක්ෂමව සිදු කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව පසුගිය මාස තුනක කාලය තුළ විමර්ශන 1500 කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා.

ලබන වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට ලැබී ඇති සියලු පැමිණිලි පිළිබදව විමර්ශණ අවසන් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

පසුගිය කාලය තුළ පැවති යුධමය ගැටුම් හේතුවෙන් ඉන්දියාවට ගොස් නැවත මෙරටට පැමිණි ජනතාවට පවතින ගැටළු විසදීම සදහා අධිකරණ අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන විසින් ස්ථාපිත කර ඇති ජංගම සේවා කුටි නිරීක්ෂණය කිරීමට ද අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් එක් වු අතර ජංගම සේවාවේ දෙවන දින සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: