hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 02, ප.ව. 8:40



අමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය, නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අතර හමුවක් අද (02) පැවැත්වී තිබෙනවා.

ඒ අධිකරණ අමාත්‍යාංශයේදී යි.

වර්තමානය වන විට රට තුළ පවතින දේශපාලන වාතාවරණය හා යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා විසින් මහ කොමසාරිස්වරයා සහ තානාපතිනිය වෙත කරුණු දැනුවත් කළ බව සඳහන්.

ශ්‍රී ලංකාව එම රටවල් අතර දිගු කාලයක සිට දැඩි මිත්‍රත්වයක් පවත්වාගෙන යන බවත්, මෙරට ආර්ථික සංවර්ධන කටයුතු සඳහා මෙන්ම පත්ව ඇති දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා සහයෝගය අපේක්ෂා කරන බවත් එහිදී රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.