hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 18, ප.ව. 12:18



ලොව හොඳම විද්‍යාඥයන් අතරට කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ  මහාචාර්යවරුන් සිව් දෙනකු තේරි තිබෙනවා.

කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක ද සිල්වා, එම විශ්ව විද්‍යාලයේ උපකුලපති සහ පරපොෂවේද අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න සහ ඖෂධවේදී අධ්‍යයන අංශයේ මහාචාර්ය අසිත ද සිල්වා ලොව හොඳම විද්‍යාඥයන්ගේ කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆොර්ඩ් විශ්ව විද්‍යාලය සිදු කළ විශ්ලේෂණයක් මගින් මෙම තෝරා ගැනිම සිඳුකර තිබෙනවා.

ඒ අනුව ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 අතරට කැලණිය විශ්ව විද්‍යාලයේ එම මහාචාර්යවර්න් සිව් දෙනාද තේරී තිබෙනවා.