hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 28, ප.ව. 12:32



වනජීවි දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

යාල වනෝද්‍යානය තුළ සතුන්ට හිංසාවක් ඇතිවන අයුරින් රිය ධාවනය කළ බව කියන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

වනජීවි දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.

මේ අතර සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි සංචාරක මග පෙන්වන්නන් 6 හා වනජීවි නියාමක නිලධාරියා සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටිමක් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.