hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 27, පෙ.ව. 5:58



යාල සිදුවීමට කැබිනට් අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු සම්බන්ධ බැවින් එය වසන් කිරීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට පෙරටුගාමි සමාජවාදී පක්ෂය චෝදනා කරනවා.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා එම චෝදනාව සිදු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා,

“මේ පිස්සු නැටීමට සම්බන්ධ ඇමතිවරයෙකුගේ පුත්‍රයෙක් කියලා මේ වෙනකොට වාර්තාවෙලා තිබෙනවා. මේ ඇමතිවරයා කවුද කියලා හොයාගන්න බැරිවෙලා තිබෙනවා. ඒකත් මහා අබිරහසක් වෙලා. මේ ඇමතිවරයාගේ පුත්‍රයා මීට කලිනුත් මේ විදිහටම ඇවිල්ලා ජාතික වනෝද්‍යානය තුළ මේ විදිහටම හානි කරලා තිබෙනවා.”

සිදුවීම සම්බන්ධයෙන් වු නඩුව එළඹෙන දෙසැම්බර් 09 වනදා යළි කැඳවීමට නියමිතයි.

යාල කැලේ මැද යකා නැටූ හයිකාර පුත්තු (VIDEO)

යාල වනෝද්‍යානයේ වන සතුන්ට හිංසා වන අයුරින් කටයුතු කළ අයට වැඩ වරදී

යාල අවුල් කල අයට දුන් මතක හිටින දඩුවම

යාල වනයේ පිස්සු නැටූ අය පාලනය නොකළ නිළධාරීන්ගේ වැඩ තහනම්

යාල වාහන සිද්ධියේ 9 දෙනෙකුට ඇප