2022 ඔක්‍තෝබර් 26, ප.ව. 12:52
යාල වනෝද්‍යානයේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (26) එක්වෙමින්.
ඒ අනුව දේශපාලන බලපෑමකින් තොරව එම විමර්ෂණ සිදු කරන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.
ඩිෆෙන්ඩර් සහ කැබ්රථ පදවමින් යාල වනෝද්‍යානය තුළ අයථා ලෙස හැසිරුණු පුද්ගලයින් 09 දෙනෙකු අද (26) පෙරවරුවේ වනෝද්‍යාන බලධාරින්ට භාර වී තිබෙනවා.
වනෝද්‍යානය තුළ අයථා ලෙස පැදවූ වාහන 07ක්ද බලධාරින්ට භාරදුන් බව යාල වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු සඳහන් කළේ.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11