hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 28, ප.ව. 12:26



යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳු වෙත පූජා කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන “සිරි දළදා යල් අස්වනු පූජාව” අද (28)  පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කෙරුණා.

ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය සහ වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය ඇතුළු තවත් අංශ කිහිපයක් එක්ව සංවිධානය කරනු ලබන යල් අස්වනු පූජාව පැවැත්වූයේ 7 වෙනි වරටයි.

දළදා සමිඳුන් උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා අනතුරුව අළුත් සහල්, ධාන්‍ය සහ රන් වී කරල් රැගත් ගොවීන් උඩ මහල වෙත ගොස් දළදා සමිදුන් ඉදිරියේදී අලුත් සහල් පූජාව පවත්වා තිබෙනවා.

දුරාතීතතයේ සිට පැවත එන යල් කන්නයේ අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳුන්ට පුජා කිරීම සිදු කරයි.