hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 27, පෙ.ව. 9:27



උතුරු මැද පළාතේ ක්‍රියාත්මක කළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු මාරු කිරීමට අනුව කටයුතු නොකළ කලාප අධ්‍යක්ෂවරු සිවුදෙනකු අනිවාර්යය නිවාඩු යවා තිබෙනවා.

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය වන අභය ලක්ෂ්මී හේවාපතිරණගේ අස්සනින් යුතුව මේ අනිවාර්ය නිවාඩු යැවීම සිදු කර ඇත.

මෙසේ අනිවාර්ය නිවාඩු යවා ඇති කලාප අධ්‍යක්ෂවරු වන්නේ අනුරාධපුර, කැකිරාව, පොළොන්නරුව, හිඟුරක්ගොඩ යන කලාපවල කටයුතු කළ කලාප අධ්‍යක්ෂවරුන් හා  වරියන් වේ. මොවුන් ස්ථාන මාරුවීම් සිදුකර දින දාහතරක් ගත වී තිබියදීත් බලහත්කාරයෙන් තමන් රාජකාරි කළ ස්ථානයේම රැඳී  සිටීම මෙයට  හේතු වූ බව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය ප්‍රකාශකයකු සඳහන් කළා.

මේ මාරුවීම් ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය නීතිමය සහ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව සඳහන් කළද මාරුවීම් පමණක් නොව මේ වන විට ඔවුන් අනිවාර්ය  නිවාඩු යවා ඇත.

ස්ථාන මාරුවීම් ලද කලාප අධ්‍යක්ෂවරු මාධ්‍යයට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ අතර ඔවුන්ගේ ස්ථාන මාරුවීම් ඉකුත් දෙවැනිදා සිට ක්‍රියාත්මක කර තිබිණි.

මොවුන් සඳහා ඉදිරියේදී චෝදනා පත්‍රයක් ලබා දීමට නියමිත අතර පුරප්පාඩු  හතර (4) සඳහා ආවරණ කලාප අධ්‍යක්ෂවරු හතර දෙනකු නම් කර ඇත.