hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 දෙසැම්‍බර් 12, ප.ව. 5:01



භාණ්ඩ හා සේවා බද්ද 18%ක් දක්වා වැඩි කිරීම් සම්මත කිරීම සැමරීමට අරලියගහ මන්දිරයේදී ඊයේ (11) රාත්‍රියේ සාදයක් පවත්වා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා විසින් පවත්වන ලද මෙම සාදයට ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු විශාල පිරිසක් පැමිණ තිබූ බව හෙතෙම අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ජන ජීවිතය තව තවත් විනාශකාරී තත්ත්වයට පත්කරන වැට් බදු වැඩි කිරීම සම්මත කිරීම එහිදී සමරා ඇති බව පවසන විපක්ෂ නායකවරයා වැට් බද්ද ඉහල නැංවීමේ ඡන්ද විමසීමට තමන් සහභාගී වන්නේ නැති බව පැවසූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයාද එම සාදයට සහභාගි වී සිටි බවත් කියා සිටියා.