hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 14, පෙ.ව. 9:49



නිසි වේලාවට තීන්දු තීරණ නොගෙන සමනළ වැවේ ජලය උඩවළවේ ජලාශයට නිකුත් නොකිරීම නිසා කෘෂිකර්මාන්තයට මෙම කන්නයේදී විශාල පාඩුවක් සිදුවූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඊයේ පෙරවරුවේ වළව කළාපයේ ගොවි ජනතාව හමු වූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මම යෝජනා කළ අවස්ථාවේ ජලය නිකුත් කළා නම් තවත් කුඹුරු අක්කර සියගණනක් අඩුම තරමින් සීයයට හැටක්වත් බේරා ගන්න තිබුනා.නමුත් තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදය නිසා දැන් ගොවීන්ට විශාල පාඩුවකට මුහුණ පෑමට සිදුව තිබෙනවා. ඒ නිසා ගොවින්ට වන්දි ලබා දීම සඳහා සඳුදා අමාත්‍ය මණ්ඩලයට හා ගරු ජනාධිපතිතුමන්ට යෝජනාවක් ඉදිරිපත් කරනවා.
ගොවීන් මෙම තත්ත්වයට පත් කිරීම සම්බන්ධව නිලධාරීන් ද වගකිව යුතුයි.මේ තරම් ලොකු විනාශයක් සිදුවෙත්දී සමහර නිලධාරින් තමන්ගේ වගකීම් පැහැර හැර තිබෙනවා.ඒ නිසා විමර්ශන කමිටුවක් පත් කර හෝ පාර්ලිමේන්තුවේ කමිටුවක් මගින් හෝ එවැනි නිලධාරින්ට දඬුවම් ලබා දිය යුතුයි.අංශ ගණනාවක් වගකීම් පැහැර හැර ඇති බව පෙනෙනවා.ගොවි ජනතාවට සිදු කළ හානිය වගේම සමස්ත රටටම හානියක් සිදුවී තිබෙනවා .මේ විනාශ වී තිබෙන්නේ වැඩිම අස්වැන්නක් ලැබෙන කුඹුරු. ඒ වගේම බිත්තර වී ලබා දෙන කුඹුරු.ඒ නිසා වන්දියක් දුන්න පමණින් මෙම හානිය අඩු වෙන්නෙ නෑ”
යැයි ද ඇමතිවරයා කියා සිටියා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: