hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 24, පෙ.ව. 6:05



පළාත් පාලන මැතිවරණය වැළැක්වීම සඳහා රජය පසුගිය මාස දෙක හමාරක කාලයේ දී උත්සාහයන් 7ක් ගනු ලැබුවත් ඒ සියල්ල අසාර්ථක වූ බව නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවැසුවා.

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා අනිවාර්යයෙන් පැවැත්වෙන බවට කිසිම සැකයක් නැතැයි කී මන්ත්‍රීවරයා මැතිවරණයේ කටයුතු ආරම්භ වී ඇති අවස්ථාවක අලුත් මැතිවරණ කොමිෂන් සභාවක් පත්කරන්නට ඔවුන් උත්සාහ කළොත් එය දේශපාලන සදාචාරයට නොගැලපෙන බව ද සඳහන් කළා.

මෙවර පළාත් පාලන මැතිවරණයේ අරමුණ එම ආයතනවල මන්ත්‍රීවරු පත්කිරීම පමණක් නොව ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා අධිකරණයේ තීන්දුව දීමට ඉතා සුදුසු අවස්ථාවක් බව ද ජී.එල්.පීරිස් මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළකළේ ඊයේ (23) නිදහස් ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

තාක්ෂණික කරුණු අනුව මෙම රජයට ජනතා ශය ඇත්තේ 15%ක පමණ මට්ටමක වන අතර ඒ අනුව රජය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ජනතාව අතර ප්‍රතික්ෂේප වන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස රැල්ලක් ගොඩනැගෙන බවත් ඔහු සඳහන් කරනවා.

ඒ අනුව ලබන මාර්තුවේදී පාර්ලිමේන්තුවද විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලතල ඇති හෙයින් එමඟින් ජනතා මතය නියෝජනය වන පාලනයක් ඇතිකරගත හැකි බවයි ජී.එල්.පීරිස් මහතා පවසන්නේ.