hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2023 මැයි 01, ප.ව. 5:57



දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සම්මේලනයට සහභාගීවීම සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) සිට දිවයිනෙන් බැහැරට යන බව හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව ඔහු දිවයිනට යලි පැමිණෙන තෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ගාල්ල දිස්ත්‍රික් නායක ශාන් විජය ලාල් ද සිල්වා මහතා පත්කළ බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.