hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 21, ප.ව. 3:51



ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ උපදෙස් ‍යටතේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 3200 කට අධික මුදලක් ලබාදී ඇති බව වාර්තා වෙනවා.

2024 විමධ්‍යගත අය – වැය වැඩසටහනින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා වලට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා වෙත සෘජුවම ඉදිරිපත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ඒ අනුව ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි අනාවරණය වෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනා 85ක් ක්‍රියාත්මක කිරීමට නිදහස් කර ඇති මුදල රුපියල් කෝටි 05කි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති 89කට ජනාධිපතිවරයා විසින් නිදහස් කර ඇති මුදල රුපියල් කෝටි 08කි.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති 708ක් සඳහා නිදහස් කර ඇති මුදල රුපියල් කෝටි 10කි.

සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නපෙරුමගේ ව්‍යාපෘති 85කට නිදහස් කර ඇති මුදල රුපියල් කෝටි 05කි.

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී දොස්තර කවින්ද හේෂාන් ජයවර්ධනගේ ව්‍යාපෘති 34ක් වෙනුවෙන් නිදහස් කර ඇති මුදල රුපියල් කෝටි 07කි.

සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලකගේ ව්‍යාපෘති 25කට නිදහස් කර ඇති මුදල රුපියල් කෝටි 05කි.

මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විමධ්‍යගත අය වැය වැඩසටහන 2024 සම්බන්ධව නිකුත් කර ඇති අංක MF/02/2023 හා 2023.12.29 දිනැති මුදල් චක්‍ර ලේඛය ඇතුළත් විධිවිධානයන්ට අනුව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කළයුතු බවද ජනාධිපති ලේකම් වරයා විසින් අදාළ මන්ත්‍රීවරයන් දැනුවත් කර ඇති බව වාර්තා වෙනවා.