hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 අප්‍රේල් 24, පෙ.ව. 10:12



දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මහතාට ජනාධිපති උපදේශක තනතුරක් ලබා දීමට යෝජනා වී ඇති අතර  ආණ්ඩුකාරවරයා විසින් එම උපදේශක තනතුර භාර ගැනීම  ප්‍රතික්ෂේප කොට ඇති බව  දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතාට ජනාධිපති උපදේශක තනතුරක් භාර ගන්නා ලෙස ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ආරාධනා කොට තිබුණි.

ආණ්ඩුකාරවරයා විසින් එම ඉල්ලිම කාරුණිකව ප්‍රතික්ෂේප කොට ඇති බව දැන ගන්නට ඇත.

ඉදිරියේදී ආණ්ඩුකාරවරයා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දෙමින්  පොදුජන පෙරමුණේ කාර්යාලයේ කටයුතු කිරිම සඳහා සුදානමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ  විසින් ඉදිරියේදී  ගනු ලබන දේශපාලන තීන්දු  සඳහා සහයෝගය ලබා දෙමින්  ඉදිරි කටයුතු කිරිමට ආණ්ඩුකාරවරයා තින්දු කොට ඇති බවද  ආණ්ඩුකාරවරයාට සමිප ආරංචි මාර්ග සදහන් කරයි.

දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මහතා මැයි මස 02 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකොට  ඇත.

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා වශයෙන් වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා 02 වැනි දින දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයේ  වැඩ භාර ගැනිමට නියමිතව ඇත.